බංගලාදේශයට ප‍්‍රබල තුරුම්පුව අහිමි වෙද්දී සිංහ පිළට සිදුවූ දෙය මෙන්න බලන්නකො වෙන දේ නිදහස් කුසලානයේ

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා කුසල්ට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතරඒහේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියද අහිමි විය.

තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක් විය ඒ වන විට එම තරගාවලියේදී සහභාගි වූ තරග 3 කදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කිරීමට ඔහු සමත්ව සිටියේය.

කෙසේ වුවත් පසුගිය තරගාවලි කිහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට නිදහස්කුසලාන තරගාවලියේදී සිය ස්ථානය අහිමිවී තිබේ. බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ලකුණු 11 කට දැවී ගිය දික්වැල්ලට දෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි විය එම තරගයත් සමග අවසන් වරට සහභාගී වූ විස්සයි20 තරග 5 දී ඔහුට රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 67 ක් 17 13 25 1 11 පමණි එහි සාමාන්‍ය සටහන් වන්නේ13.4ක්ලෙසිනි.

පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවිස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියටද සහභාගි නොවන බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-0 ක ජයග්‍රහණයක් කරා මෙහෙයවූ දිනේෂ් චන්දිමාල් නිදහස් කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

බංග්ලාදේශ තරගාවලියේදී විවේක ගන්වා තිබූ සුරංග ලක්මාල්මෙ ම තරගාවලියේදී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර උප නායකත්වයටද පත්කර තිබේ විවිධ අබාධයන් හේතුවෙන් බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගි නොවූ නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර යළිත් කණ්ඩායමට එක්ව සිටින අතර එක්දින කණ්ඩායම නියොජනය කරමින් දස්කම් දැක්වූ ධනංජය ද සිල්වාද විස්සයි20 සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බංග්ලාදේශ තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත්ව සිටියදඑකමතරගයකට හෝ ක්‍රීඩා නොකළ ජෙෆ්රි වැන්ඩසේට සහඅසිත ප්‍රනාන්දුටනිදහස්කුසලාන තරගාවලි යේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී ඇතඔවුන්ට අමතරව ආබාධවලට ලක්වීම හේතුවෙන් අසේල ගුණරත්නට සහ ෂෙහාන් මධුෂංකටද මෙම තරගාවලියට සහභාගිවීමේ අවස්ථා ව හිමි වී තිබේ

නිදහස් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් පෙරේදා27 වැනිදා නම් කෙරිණ. එම සංචිතයට ඇතුළත්ව සිටියද, ඊයේ (28 වැනිදා) නම් කෙරුණ අවසන් 15 දෙනාගේ සංචිතයේ ස්ථානයක් වෙන් කරගැනීමට නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම ළහිරු කුමාර ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ අසමත් වූහ.

මාර්තු මස 6 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයෙන් නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ වන අතර එහි සෑම තරගයක්ම පස්වරු 7.00 සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේශ්‍රී ලංකා සංචිතයදිනේෂ් චන්දිමාල් නායක සුරංග ලක්මාල් උප නායක උපුල් තරංග ධනුෂ්ක ගුණතිලකකුසල් මෙන්ඩිස් දසුන් ශානක,කුසල් පෙරේරාතිසර පෙරේරා ජීවන් මෙන්ඩිස් ඉසුරු උදාන අකිල ධනංජය අමිල අපොන්සු නුවන් ප්‍රදීප් දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා.

මේ අතරබංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකිබ් අල් හසන් නිදහස්කුසලානතුන්කොන් විස්ස යි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයහොබවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ප්‍රකාශයටපතකළදඔහුගේ ආබාධය සම්පූර්ණ සුවවී නොමැති වීම හේතුවෙන් නිදහස් කුසලානයට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට වාර්තා වේකෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් බැංකොක්හි විකලාංග වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව කටයුතු කරන අතරතුරදී නිදහස් කුසලානය සඳහා වන සංචිතයට ඇතුළත් කර ඇති අතර එම වෛද්‍ය උපදෙස් අනුව ශකිබ් හට යළිත් පිටියට පිවිසීමට අවම වශයෙන් සති 2ක් පමණ කාලයක් ගතවනු ඇතැයිද පැවැසේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සක ඩෙබාශිෂ් චෞද්රි විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවකදී මේ බව නාවරණයවීතිබිණි කෙසේ වෙතත් වැඩිදුරට ත්අදහස් දැක්වූ චෞද්රි පවසා ඇත්තේ ශකිබ්හට ප්‍රතිකාර ලබා දිය යුත්තේ බැංකොක් හෝ ඕස්ට්‍රේලියාවේදී ද යන්න තවමත් තීරණයකට එළැඹ නොමැති බවයි.

තවද නිදහස් කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට උපදේශකයකු ලෙස ශකිබ් කටයුතු කරනු ඇති බවත් ශකිබ්ට ක්‍රීඩා කිරීමට හැකිඕනෑම විටකදී කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තිබුණද එය බොහෝ විට ගිලිහී යනු ඇතැයිද ඔහු පවසා තිබිණිතවද බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී මිනාජුල්ඇබෙඩින්පවසාඇත්තේ16 දෙනා ගේ සංචිතය තෝරා ගැනීමේදී ශකිබ්ට පළමු තරග දෙකෙන් පසුව ක්‍රීඩා කිරීමට හැකි ලක්ෂණ තිබුණද දැන් තත්ත්වය අනුව බැලූ විටඔහුටඉක්මනින් කණ්ඩායමට ඒමට හැකියාවක් නොමැති ලකුණු ඇති බවයි.

Comments

Popular posts from this blog

டோனி வெறுக்கும் முக்கிய தொழில்நுட்பம் ஐபிஎல்-ல் அறிமுகம் video

තමන්ගේ පියා නිසා පුතා දැවි ගිය ක්‍රිකට් ලොව කැලඹු සුපිරි දැවි යාම මෙන්න කවුරුත් නෙවෙයි තාත්තා CHANDARAPAUL මෙන්න video