ඊයේ අපේ සංගාගේ සුපිරි ඉනිමෙන් පලමු PSL තරගය ජය ගනි පලමු තරගයේ විරයා බලන්නකො ගහන ගැහිල්ල VIDEO

ඩුබායිහීදී ආරම්භ වූ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් පේෂාවර් සල්මිකණ්ඩායමපරදවා කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායම සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය සුල්තාන් කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග‍්‍රහණය සපුරාගත්හ එහිදී ආරම්භක පිතිකරු කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් හයේ පහර 02ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 57ක් රැුස් කළ අතර තරගයේ වීරයා සම්මානයද සංගක්කාරට හිමිවිය.

අනතුරුව නායක ෂහීබ් මලික්(42) හා කිරන් පොලාඩ්(21) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 42ක සම්බන්ධතාවක් පවත්වමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය පන්දු යැවීමේදි පේෂාවර් කණ්ඩායම වෙනුවෙන් වහබ් රියාස් ලකුණු 19කට කඩුලු 02ක් දවා ගත්හ.

කාසිය වාසිය දිනාගත් මුල්ටාන් සුල්ටාන් නායක ෂොහිබ් මලික් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී පෙෂාවර් කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන් පන්දු වාර 20 අවසානයේ 151/6 ලබාගැනීමට සමත් විය.

පෙෂාවර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් හෆීස් ලකුණු 59ක් සහ නායක ඩරන් සාමි ලකුණු 29ක් බාගැනීමටසමත්වියපන්දු යැවීමේදී මුල්ටාන් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.

Comments

Popular posts from this blog

டோனி வெறுக்கும் முக்கிய தொழில்நுட்பம் ஐபிஎல்-ல் அறிமுகம் video

බංගලාදේශයට ප‍්‍රබල තුරුම්පුව අහිමි වෙද්දී සිංහ පිළට සිදුවූ දෙය මෙන්න බලන්නකො වෙන දේ නිදහස් කුසලානයේ

තමන්ගේ පියා නිසා පුතා දැවි ගිය ක්‍රිකට් ලොව කැලඹු සුපිරි දැවි යාම මෙන්න කවුරුත් නෙවෙයි තාත්තා CHANDARAPAUL මෙන්න video