ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි video
බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ තෙලිඟු මලයාලම් කර්නාටකහහිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගන ප්‍රතිභාව තිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය.
ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළටඑසවූරංගන ශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි. එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති.
බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේඥාතීන්උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.

Comments
Post a Comment